හමුදාවට වගේ සෞඛ්‍ය අංශවලට එන්නත් ලැබෙන්නේ නෑ,..! සෞඛ්‍ය අංශ ජනතාවගෙන් බැනුම් අහන්නේ ඒකයි…! – GMOA….

September 3, 2021 at 3:37 pm | by emanisa.lk

සෞඛ්‍ය අංශ සඳහා කොවිඩ් මර්දන එන්නත් නිකුත් කරන්නේ සුළු ප්‍රමාණයක් පමණක් බවත් එහෙයින් සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක කරන එන්නත්කරණ මධ්‍යස්ථානවල තදබදයක් ඇති වී ජනතාවගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමගය පවසයි.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් හමුදාව සඳහා හිඟයකින් තොරව එන්නත් නිකුත් කරන බවට ද එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි.

ලෝකයේ කීර්තිමත් පිළිගැනීමක් සහිත ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය පද්ධතිය අපකීර්තියට පත්කරමින් ජනතාව අපහසුතාවටත් අවදානමටත් ඇද දමන මෙම ක්‍රියාව පිළිබඳ තමන්ගේ දැන් අප්‍රසාදය පළකරන බවත් එම නිවේදනයේ සඳහන් ය.

කෙසේ වුව ද පසුගිය සමයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ඔස්සේ සිදුකළ එන්නත්කරණ කටයුතුවලට එරෙහි ජනතාව දැඩි ලෙස දෝෂාරෝපණය කළේ ප්‍රදේශයේ ජනතාවට නොදී සෞඛ්‍ය අංශ සමඟ සබඳතා පවතින කොටස් සඳහා එන්නත් ලබා දීම ආදි කරුණු හේතු කොට ගෙන ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස