හමුදාවට යුද අපරාධ චෝදනා නඟන සුමන්දිරන් ලංකා නියෝජිත ලෙස එ.ජා. සමුළුවකට යවලා! එ.ජා. මහ ලේකම් සුමන්දිරන් අග්නිදිග ආසියානු නියෝජිත කරලා!

April 21, 2019 at 10:18 am | by admin

ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා විමර්ශනයට හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවට එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටි ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එම්. කේ. සුමන්තිරන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයේ විශේෂ නියෝජිතයකු ලෙස පත්කර ඇත.

මෙම පත්වීම කර ඇත්තේ මහ ලේකම් අන්තෝනියෝ ගුටාරස් ය. ඒ අනුව අග්නිදිග ආසියානු කටයුතු භාර විශේෂ නියෝජිතයා ලෙස සුමන්තිරන්ව පත්කර තිබේ. නේපාලයේ පැවැති එක්සත් ජාතීන්ගේ රැස්වීමකදී සුමන්තිරන්ව පත්කර ඇත.

රටවල් 10 කින් පැමිණ සිටි නියෝජිතයන් 25 ක් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් ලෙස පත්කර තිබේ.

මේ අතර විදේශ ගත ශ‍්‍රී ලාංකික ආරංචි මාර්ග පවසනුයේ නේපාලයේ පැවැති එක්සත් ජාතීන්ගේ රැස්වීමට සුමන්තිරන් යැවීම බරපතළ ප‍්‍රශ්නයක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස