හමුදාවට අඛණ්ඩව එන්නත් තොග ලැබෙනවා…! අපිටත් දුන්නොත් එළිවෙනකල් ගහනවා…! – PHI සභාපති…

August 30, 2021 at 9:13 pm | by emanisa.lk

ත්‍රිවිධ හමුදාව ක්‍රියාත්මක කරන එන්නත් මධ්‍යස්ථාන දිවා රාත්‍රී ක්‍රියාත්මක වන අඛණ්ඩ එන්නත් සැපයුමක් සහිත මධ්‍යස්ථාන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඔවුන්ට එන්නත් තොග අවසන් වන විට නැවත එන්නත් ලැබෙන බව ද ඔහු පෙන්වා දෙයි.

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 360කට වඩා ඇති බවත් ඒ සඳහා අවශ්‍ය එන්නත් තොග ලැබෙන්නේ නම් එළිවන තුරු එන්නත් ලබා දීමට සූදානම් බව උපුල් රෝහණ අවධාරණය කරයි.

අද (30) දෙරණ BIG FOCUS වැඩසටහනට එකතු වෙමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *