හමුදාපති ශවේන්ද්‍ර ඊළඟ ජනාධිපති වෙන සැලසුමක…!

October 11, 2021 at 8:28 pm | by emanisa.lk

වර්තමාන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජනාධිපති පුටුවේ ඉඳ ගැනීමට අනිවාර්යයෙන් උත්සහයක් ගන්නා බව තමන් දන්නේ යැයි ආචාර්ය අජන්තා පෙරේරා පවසයි.

“අපේ ජනාධිපතිතුමා හරි ම ආදරෙයි අපේ හමුදාපතිතුමාට. හමුදාපතිතුමාට ජනාධිපතිතුමා මේ තරම් ආදරේ කරන්න හේතුව තමා ඔහු 20 වන සංශෝධනය ගෙනල්ලා මේ රට තමන්ගේ වචනය තමා නීතිය කියල කියාගෙන ඉන්න කියන්න යන ගමනේ දී ඔහුව ආරක්ෂා කරන්න ඉන්නෙ හමුදාපතිතුමා.

දැන් මම විශ්වාස කරන දේ තමා මේ ජනාධිපතිතුමා ගැන මිනිස්සු කලකිරෙන දවසට මේ මුල් පුටුවේ ඉඳගන්න බලාපොරොත්තු වෙන කෙනා තමයි හමුදාපතිතුමා. හමුදාපතිතුමා අනිවාර්යයෙන් උත්සහයක් ගන්නවා මුල් පුටුවේ ඉඳගන්න. ඒක මම දන්නවා.”

ජනාධිපතිවරයා සහ හමුදාපතිවරයා සම්බන්ධයෙන් ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මේ බව පැවසුවාය. පසුගිය ජනාධිපතිවරණයට තරඟ කළ අජන්තා පෙරේරාට ඡන්ද 2561ක් ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *