හමුදාපති දැවැන්ත පරිසර සංහාරයක…! මාළිගාව අලංකරණයට අභයභූමිය වනසලා…! – සජබ…

August 15, 2021 at 11:09 am | by emanisa.lk

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අභයභූමිය එළිකර හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සිය නිවස සහ ගෙවත්ත අලංකරණය කිරීමෙහි නිරත වන බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි චෝදනා කරයි.

රටේ පවතින නීති සැමට සමාන විය යුතු බවත් එසේ නම් අවට පදිංචි සෙසු අයට ද අභයභූමියේ කඩොලාන කපා සිය නිවස සහ ගෙවත්ත අලංකාර කරගැනීමට අවසර දිය යුතු යැයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.

හමුදාපතිවරයා තම බලය නිලය යොදා ගෙන මෙවැනි පාරිසරික හානියක් සිදුකිරීම පිළිබඳ තමන් කනගාටු වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

හමුදාපතිවරයාට පමණක් කඩොලාන කැපීමට ඉඩ දී බලා නොසිටින ලෙසත් තමන්ගේ නිවස අසල ඇති කඩොලාන කපා දමන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් චමින්ද විජේසිරි පැවසුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *