හම්බන්තොට ෆයිසර් ගහන්නෙ තරුණ ඇමැතිගේ හයියෙන්…! – පාඨලී…

September 9, 2021 at 4:57 pm | by emanisa.lk

කොවිඩ් මර්දන ෆයිසර් එන්නත හම්බන්තොටට ලබා දුන්නේ තරුණ ඇමතිගේ අවශ්‍යතාව මත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක සඳහන් කරයි.

එන්නත් සමග දේශපාලන ක‍්‍රීඩාවේ නොයෙදෙනැයි තමන් ඉල්ලා සිටින බව ද මන්ත‍්‍රීවරයා පැවසීය.

පාසල් දරුවන්ට ලබා දීමට සුදුසු බවට දැනට පිළිගෙන ඇති ෆයිසර් එන්නත මෙරට පාසල් සිසුන්ට ලබා දී එළැඹෙන ජනවාරි මාසයේවත් පාසල් පටන් ගන්නා ලෙස ඉල්ලා සිටින බව ද හෙතෙම කීය.

අද මුළු සෞඛ්‍ය අමාත්‍යාංශය ම, සෞඛ්‍ය යාන්ත්‍රණය ම අවුල් වී ගොස් ඇති බවත් ඊට හේතු වී ඇත්තේ දේශපාලනඥයින් විසින් එන්නත්කරණය තම අතටගැනීම බවත් පාඨලී රණවක කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *