හම්බන්තොට වරාය සේද මාවතේ බලය අල්ලයි…! 2021 පළමු මාස හයේ මෙහෙයුම්වල 186%ක වර්ධනයක්…!

September 15, 2021 at 5:16 pm | by emanisa.lk

හම්බන්තොට ජාත්‍යන්තර වරාය 2021 වසරේ පළමු මාස හය තුළ සමස්ත තොග භාණ්ඩ හැසිරවීම පරිමාව පසුගිය වසරේ එම කාලයට සාපේක්‍ෂව සියයට 186කින් වර්ධනය කරගෙන ඇතැයි හම්බන්තොට වරායේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ පවසයි.

2020 වසරේ ජුනි මස අවසානය වන විට සමස්ත භාණ්ඩ හැසිරවීමේ පරිමාව මෙට්‍රික්ටොන් 420 421 ක් වූ බවත් එය වර්තමානය වන විට මෙට්‍රික්ටොන් 1 206 425 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළට ගෙන ඒමට හැකියාව ලැබී ඇති බවත් ඔහු කීය.

2021 වසරේ හම්බන්තොට වරාය සම්මත අඩි 20 බහාලුම් මිලියන 66.57 සංඛ්‍යාවක් හසුරුවා ඇති අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 21.3 ඉහළ යෑමක් බව කී තිස්ස වික්‍රමසිංහ හසුරුවා ඇති තොග භාණ්ඩ ප්‍රමාණය මෙට්‍රිටොන් මිලියන 284ක් යැයි ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *