හම්බන්තොට වරාය විකිණූ කතාව ඒකබද්ද විපක්ෂයේ බොරුවක්! වරාය විකුණලා නම් මිරිජ්ජවිල තෙල් පිරිපහදුවක් හදන්න බෑ!-නලින් බණ්ඩාරගෙන් සුපිරි තර්කයක්…

April 5, 2019 at 10:53 pm | by admin

හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය කළ ප‍්‍රකාශ අසත්‍ය ඒවා බව මේ වන විට ඔප්පු වී ඇතැයි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා පැවසීය.

හම්බන්තොට වරාය චීනයට විකිණූ බවට ඒකාබද්ධ විපක්‍ෂය කළ චෝදනා සත්‍ය නම් එහි ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාව ලැබී ඇත්තේ කෙසේදැයි තමන් ඒකාබද්ධ විපක්‍ෂයෙන් ප‍්‍රශ්න කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

හම්බන්තොට, මිරිජ්ජවිල ප‍්‍රදේශයේ ඉදිකෙරෙන තෙල් පිරිපහදුව ඉදිකෙරෙන්නේ ද හම්බන්තොට වරාය ඔස්සේ එම තෙල් අපනයනය කිරීමේ අරමුණින් බව කී නලීන් බණ්ඩාර හම්බන්තොට වරාය චීනයට විකුණා ඇත්නම් ඉන්දියාවේ මව් සමාගම පිහිටා ඇති සිංගප්පූරු සමාගමක් සහ  ඕමාන සමාගමක් හරහා එම ආයෝජනය කිරීමට අවස්ථාව නොදෙන බව ද කියා සිටියේය.

නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වුවද වරාය භූමියේ තිබූ සුළං විදුලි බලාගාරය සඳහා චීන සමාගම අධික බදු පැනවීම නිසා එය ගලවා ඉවත් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය. මෙම තෙල් පිරිපහදුව සඳහා මුල්ගල් තිබ්බේ වරාය භූමියේ නොව මිරිජ්ජවිලය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස