හම්බන්තොට අහිසංක ගොවීන්ගේ හඬ සාධාරණයි….! ඔවුන් පාගා ගෙන ඉන්නේ යහපාලන නිලධාරී පැලැන්තිය….!

January 23, 2021 at 10:23 am | by emanisa.lk

තමන්ගේ අයිතීන් වෙනුවෙන් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ගොවි ජනතාව නඟන හඬ සාධාරණ බව තමාට පෙනී යන්නේ යැයි ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ පවසයි.

මහා පරිමාණයෙන් විශාල ඉඩම් ප‍්‍රමාණයක් අත්පත් කරගෙන සිටින උදවිය සිටිය දී හම්බන්තොට අහිංසක ගොවීන් වෙනුවෙන් අක්කරයක් දෙකක් ලබා ගැනීමට ඉඩක් නොදෙන නිලධාරි පැළැන්තියේ පසුබිම සොයා බලද්දී ඔවුන් යහපාලන ආණ්ඩුවෙන් බලවත් තැන්වලට පැමිණි උදවිය බව අප අමතක කළ යුතු නැතැයි ද කීවේ ය.

ගොවියත්, ගැමියත්, අලියත් රැකෙන පරිදි ඉඩම් කළමනාකරණය පිළිබඳව ගැසට් පත‍්‍රයක් දැනටමත් සකස් කරගෙන තිබෙන අතර ඉදිරි දින කීපය ඇතුළත හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ අහිංසක ගොවියාට යහපත් ජන ජීවිතයක් ගොඩනැඟීමට අවස්ථාව ලැබෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේ ය.

යහපාලන ආණ්ඩුවේ නිලධාරීන්ට කිසි ම මොහොතක ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට ඉඩ නොදීමට ක‍්‍රියා කිරීම වැදගත් යැයි ද අහිංසක ගොවියාගේ, ගැමියාගේ බලාපොරොත්තු ඉටුකර දීම තමාගේ මූලික අරමුණ යැයි ද ඔහු වැඩි දුරටත් කීවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස