හබරණ ඇතින්නියන් හත් දෙනා මිය ගියේ බිලි පූජාවකින්? ප්‍රබල දේශපාලනඥයකුට ඇඟල්ල දිගු වෙයි!

September 29, 2019 at 3:42 pm | by emanisa.lk

හබරණ, හිරිවඩුන්න, තුම්බිකුලම රක්ෂිතයේ අභිරහස් ලෙස ඇතින්නියන් හත් දෙනෙකු මිය යාමේ සිද්ධිය එක්තරා ප්‍රබල දේශපාලනඥයකු භාරයක් ඔප්පු කිරීම නිසා සිදු වූවක් බවට පුවතක් සමාජමාධ්‍යවල පැතිර යයි.

මෙම ප්‍රබල දේශපාලනඥයාගේ ඉල්ලීම මත මෙරට හිටපු රාජ්‍ය නායකයකුගේ මිතුරකු වන අයියාර් ස්වාමී නම් 72 හැවිරිදි මලයාලම් ගුරෙකු මේ වන විට ලංකාවට පැමිණ ඇති අතර ඔහු විසින් අදාළ දේශපාලනඥයාට ඇති බාධා දුරු වී එක්තරා අවස්ථාවක් දිනා ගැනීම පිණිස භාරයක් වී තිබේ.

කන්‍යාවන් හත් දෙනෙකු ලවා කිරි කළ හතකින් ස්නානය කිරීම ආදී සාම්ප්‍රදායික පුදපූජාවලින් අනතුරුව සිය අභිප්‍රාය ඉටුවුවහොත් දිනක් ඇතුළත ඇතින්නියන් හත් දෙනෙකු මරා කෙඳි හතක් පූජා කරන කරන බවට පෙර කී මලයාලම් ගුරාගේ උපදෙස් අනුව භාර වී ඇත.

සිය අරමුණ ඉටු වූ දිනයට පසුදිනම භාරය ඔප්පු කර දේවාශීර්වාදය ලබා ගැනීමට මෙම ඇමතිවරයා කටයුතු කළ බවත් හබරණ කැලයේ ඇතුන් හත් දෙනෙකු එක දිනයක් ඇතුළත මිය ගියේ ඒ අනුව බවත් සඳහන්ය.

මෙලෙස මිය ගිය ඇතින්නියක් අසල වයස අවුරුදු 04ක පමණ කුඩා ඇත් පැටවකු රැකවලෙහි යෙදෙන ආකාරය සහ සිය මව නැඟිටුවා ගැනීමට ඇත් පැටවා උත්සාහ කිරීම ඉතාම සංවේජනක හදවත කම්පා කරවන දර්ශනයක් විය. මෙය ගොවීන් වගා බිම් ආරක්ෂා කර ගැනීමට ජලයට වස එක්කිරීම නිසා සිදු වූ සංහාරයක් බවට අදහසක් පළ වී ඇත.

එහෙත් එම ඇත් පැටවුන් නොමැරී ඇතින්නියන් හත් දෙනෙකු පමණක් මිය යාමත් මේ ඇතින්නියන් සියලු දෙන එකම දිනයක් තුළ මිය යාමත් ඇතුන් හැර වෙනත් කිසිදු සතකු අස්වාභාවික ලෙස එම ප්‍රදේශයේ මරණයට පත් නොවීම ද එම අදහස නිවැරදි නොවන බව තහවුරු කරයි.

මෙම චෝදනාව එල්ල වන දේශපාලනඥයා මෙයට පෙර දඩයම් කළ අලියකු සමග සිටින ඡායාරූපයක් ද කලකට පෙර සමාජමාධ්‍යවල හුවමාරු වූ අතර තමන්ට වල් අලි මෙල්ල කළ හැකි යැයි පුරසාරම් දොඩන්නෙකි.

මෙම මලයාලම් ගුරා තවමත් ලංකාවේ රැඳී සිටින බවත් ඉදිරියේ දී තවත් මෙවැනි භාරහාර ඔප්පු කිරීම් නිසා අස්වාභාවික සිදුවීම් සිදුවනු ඇති බවත් වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස