හදිසි නීතිය ගෙනාවේ ජෝෂප් ස්ටාලිංගේ දේපළ රාජසන්තක කරන්නත්…! – රාජිත….

September 5, 2021 at 8:11 pm | by emanisa.lk

ජනාධිපතිවරයා හදිසි නීතිය බලාත්මක කර ඇත්තේ සහල් සීනි බෙදා හැරීම නිවැරදි කිරීම සඳහා නොව ඒ සඳහා මුවා වී ජනතාවගේ වැඩ වර්ජන කිරීමේ අයිතිය අහිමි කිරීමට යැයි බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

විදුලිය, දුම්රිය, සෞඛ්‍ය, පෙට්‍රොලියම් ආදී බොහෝ රාජ්‍ය ආයතන මෙම හදිසි නීති ප්‍රතිපාදන යටතේ අත්‍යවශ්‍ය සේවා බවට නම්කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

රජය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරන ඕනෑ ම සේවාවක කටයුතු සඳහා බාධා කරන අයකු අත්අඩංගුවට ගැනීමට සහ ඔහුගේ සියලු නිශ්චල චංචල දේපළ රාජසන්තක කිරීම සඳහා මෙමගින් හැකි බව ද රාජිත සේනාරත්න අවධාරණය කරයි. මෙම නීති බලාත්මක කළ පසු එම දේපළ වෙනත් අයකු වෙත පවරා ගැලවිය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මේ ආකාරයට ම ඉදිරියේ දී ගුරු සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර එම වර්ජනය ව්‍යාපාරය මෙහෙය වන ජෝෂප් ස්ටාලිං අත්අඩංගුවට ගෙන ඔහුගේ දේපළ රාජසන්තක කළ හැකි බව ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *