හදලා තියෙන ඒවා විවෘත කරන්න වෙලාවක් නෑ! ඒ නිසා එක වර 100 ගානේ විවෘත කරනවා!

February 3, 2019 at 2:06 am | by admin

ආණ්ඩුව පසුගිය සමය තුල සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් බිහි කළ බවත් දැන් ඒවා විවෘත කිරීමට වෙලාවක් නොමැති නිසා ව්‍යාපෘති සියය බැගින් එකවර විවෘත කිරීමට තීරණය කළ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ආණ්ඩුව පසුගිය කාලය පුරා වැඩ කළ බවත් දැන් ප්‍රතිඵල පෙන්විය හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි. එම ප්‍රගතිය රටට පෙන්වීමට අගමැතිවරයාගේ අමාත්‍යංශ, මුදල් අමාත්‍යංශයයි, මහා මාර්ග අමාත්‍යංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය එකට එකතු කර නව යාන්ත්‍රණයක් නිර්මාණය කරන්නේ යැයි ද අගමැතිවරයා අවධාරණය කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මේ අදහස් පළ කළේ ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා 2019 වැඩසටහන් සඳහා ප්‍රතිපාදන ලබාදීම පිළිබඳ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *