හතුරුගේ පඩිය ලක්ෂ 76යි! දිනුම් ප්‍රතිශතය 35%! හතුරු වැඩක් නෑ! ලෝකේ හොඳම කෝච් 25 000කට ගේනවා! – හරීන් (video)

July 31, 2019 at 11:08 am | by emanisa.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහගේ මාසික වැටුප ලක්ෂ 76ක් බවත් ඔහු ලබා දී ඇති ජයග්‍රහණවල ප්‍රතිශතය 35%ක් බවත් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

කණ්ඩායම පරදින විට ඉහළ පඩි ගෙවිය නොහැකි බවත් දිනන විට පමණක් පඩි දිය හැකි බවත් පවසන ඇමතිවරයා සියලු කොන්ත්‍රාත් නතර කර අලුත් කිරීමට හෝ ඊට අකමැති නම් ඉවත් වන ලෙස දැනුම් දුන්නේ ඒ නිසා යැයි ඇමතිවරයා පවසයි.

ලෝකයේ හොඳම පුහුණුකරුවන් අතර මේ වන විට ලංකාවට අයඳුම්පත් යොමුකර ඇති බවත් ඒ අතරින් වැඩිම වැටුප ඉල්ලා ඇත්තේ 25 000ක් බවත් පවසන ඇමතිවරයා දැන් වියදම් කරන මුදලින් පුහුණුකරුවන් දෙදෙනෙකුගේ සේවයගත හැකි බව ද පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස