හඬපට මාධ්‍ය ආයතනවලට දුන් අයටත් දඬුයම් කළ යුතුයි! හඬපට ජනතාවට ලබා දීම වහාම නතර කළ යුතුයි! – ජවිපෙ සලිත වෙයි….

January 8, 2020 at 9:50 pm | by emanisa.lk

උසාවි නියෝගයක් ලබා ගෙන රංජන් රාමනායකගේ නිවසට ගොස් අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ උසාවියට නොදී මාධ්‍ය ආයතනවලට භාරදුන් අය පිළිබඳවත් සොයා බලා වරද නිවැරදි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එසේ නොකළහොත් මේ රටේ නීතියත් අධිකරණයත් ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක්වන බව ජවිපෙ වසන්ත සමරසිංහ පෙන්වා දෙයි.

නඩු භාණ්ඩ උසාවියට භාර නොදී මාධ්‍ය ආයතනවලට ලබා දීමට උපදෙස් දුන්නේ දැයි ජනාධිපති, අගමැති ආරක්ෂක ලේකම් ඇතුළු අයගෙන් විමසන බව ද හෙතෙම ප්‍රශ්න කළේය.

මේ වන විට එම හඬපට සමාජගත කිරීම මගින් ආණ්ඩුව උසාවිය, පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තව දුරටත් ඇඳුම් ලිහා දමන තැතට පත්ව ඇති බවත් එහෙයින් එය වහාම නතර කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස