හකීම් සහ රිෂාඩ්ලගේ අන්තවාදයට සහරාන්ගේ ගමත් එරෙහි වෙයි! කල්මුණේ මන්ත්‍රී 9 දෙනෙක් මහින්ද පිලට!

October 22, 2019 at 7:27 am | by emanisa.lk

කල්මුණේ මහ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරු 9 දෙනෙක් මහින්ද රාජපක්ෂ හමු වී ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට සහයා ලබා දෙන බව පවසා තිබේ.

මැදමුලන කාල්ටන් නිවසටම පැමිණි (20) මෙම පිරිස එහිදී මහින්ද රාජපක්ෂ මුණ ගැසිණි.

එහිදී එම නියෝජිත පිරිස සඳහන් කළේ මහින්ද රාජපක්ෂ හැර සෙසු සියලුම පක්ෂ මුස්ලිම් ජනතාව රැවටූ බවය.

පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් සිය ගමේ බවත් ප්‍රහාරයට සම්බන්ධ 16 දෙනෙකු පොලිසියට අල්ලා දුන්නේ තමන් බවත් එම මන්ත්‍රී පිරිස පෙන්වා දුන්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස