ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් හත් දෙනකු එම පක්ෂවලින් ඉවත් වී වෙනම මුස්ලිම් සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත.
පක්ෂ දෙකේ නායකයන් වූ රවුෆ් හකීම් හා රිෂාඩ් බදුර්දීන් යන දෙදෙනා පමණක් පාර්ලිමේන්තුවේ දී පක්ෂ දෙක නියෝජනය කිරීමට ඉතිරිවනු ඇති බව එකී පක්ෂ මන්ත්‍රීවරු කියති.
එම පිරිස වෙන ම ඉදිරියේ දී තරඟ වැදීමට ද ආණ්ඩුවට සහාය ලබා දීමට ද තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.