හකීම්ලා තුන්වෙනි බලවේගය වුණ කාලේ ඉවරයි! අපි තුන්වෙනි බලවේගය වෙනවා! – ශ්‍රීලනිපය

July 10, 2019 at 8:38 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී ඉතාම වැදගත් ඓතිහාසික දේශපාලන තීන්දුවක් ගන්නා බවත් පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලවේගය තම පක්ෂය වන බවත් නැඟෙනහිර ආණ්ඩුකාර ෂාන් විජයලාල් සිල්වා පවසයි.

මෙතෙක් රවුෆ් හකීම්ලා පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලවේගය වුවද අනාගතයේ එය ශ්‍රීලනිපය හිමි වන බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ අම්බලන්ගාඩ පැවති පාක්ෂික හමුවකදීය.

මේ අනුව ඉදිරි මැතිවරණවල දී තනිව තරඟ කිරීමටත් ආසන කිහිපයක් ලබා ගෙන කේවල් කිරීමේ බලය තමන් සතු කර ගැනීමටත් සැලසුම් කර ඇතැයි තහවුරු වෙයි.

1956 සිට මෙරට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වූ ශ්‍රීලනිපයට එම බලය අහිමි වී සුළුතර පක්ෂයක් බවට පත්වූයේ 2018 පළාත් පාලන මැතිවරණයේ දීය. එහි දී ශ්‍රීලනිපයට ලබාගත හැකි වූයේ ඡන්ද ලක්ෂ 15ක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස