හකීම්ගේ ත්‍රස්ත කඳවුරක් අම්පාරේ… පුරාවිද්‍යා භූමියක් වනසා පල්ලියක් හදලා… සියලු සාක්ෂි ජනපති කොමිසට!

July 29, 2020 at 11:57 am | by emanisa.lk

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමති රවුෆ් හකීම් විසින් අම්පාර වූ වට්ටමඩු රක්ෂිතයේදී සහරාන් ඇතුළු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ට අනුබල දෙන ආකාරය, අන්තවාදී ත්‍රස්තවාදී කඳවුරක් පවත්වා ගෙන ගිය ආකාරය සම්බන්ධයෙන් පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ජනාධිපති කොමිසම වෙත සාක්ෂි ලබාදී තිබේ.

පූජනීය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සාක්ෂිකරුවන්ද සමඟ මෙම විශේෂ හෙළිදරවුව ඊයේ දිනයේදී සිදු කර ඇත.

මෙරට පුරාවිද්‍යා ස්ථානයක් ආක්‍රමණය කර එය ඉස්ලාම් ආගමික ස්ථානයක් යයි නිර්මාණය කිරීම සම්බන්ධයෙන්ද එම කඳවුර තුළ හකීම් ඇමතිවරයාගේ මූලිකත්වයෙන් සාකච්ඡා කර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

හිටපු ඇමැතිවරයා වට්ටමඩු රක්ෂිතය තුළට ගොස් පුරාවිද්‍යා ස්මාරක මත තමන්ගේ අන්තවාදීන් සමග කටයුතු කරන ආකාරය දැක්වෙන ඡායාරූප ද උන්වහන්සේ ජනාධිපති කොමිසමට බාර දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස