ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෘෂිකර්මය පිළිබඳ පරිච්ඡේදය ලීවේ තමා බව සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය ප්‍රියන්ත යාපා පවසයි.
“සෞභාග්‍ය දැක්ම පොතේ පිටු 39 සහ 40 මමයි ඉදිරිපත් කළේ. කෘෂි රසායනික පොහොර සියයට සියයක්ම ආනයනය කරන්නෙ අන්තර්ජාතික වෙළෙඳපොළෙන්. මිල ඉහළ නැංවීම තියෙන්නෙත් ඒ අයගෙ අතේ. ඉතින් ඒ මිල ගණන්වලට ගෙනත් අපේ ගොවියට දෙන්නත් බැහැ. ඇරත් එයින් ඇති වන අනිටු විපාක බලපාන්නේ ඊළඟ පරම්පරාවටයි.
ශ්‍රී ලාංකික ජනතාවගේ මූලික ආහාර යටතේ වස විසෙන් තොරව ලබා ගැනීමේ අයිතිය තහවුරු කළ යුතු බවත් මම සෞභාග්‍යයෙ දැක්මෙන් පෙන්වා දුන්නා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ යෝජනා කළා. දැනට පරිසරයටත් හානි කරමින්, විනාශ කරමින් ගෙන යන කෘෂිකර්මාන්තයෙන් ඉවත් විය යුතුයි. පරිසරහිතකාමී කෘෂිකර්මාන්තය තුළින් ආහාර නිෂ්පාදනය අඩුවකින් තොරව කිරීම අවශ්‍යයයි.
ආහාර නිෂ්පාදනයේදී පස මෙන්ම ජල සම්පත ද ආරක්‍ෂා කළ යුතු වෙනවා. පරිසර හිතකාමී කාබනික පොහොර යෙදවීමේ දීර්ඝ කාලීන සැලැස්මක්ද අවශ්‍ය වෙනවා. අපේ ගොවි බිම් ආත්මාර්ථකාමීත්වයෙන් තොරව අනාගත පරපුරට ඉතිරි කළ යුතු වෙනවා. කෘෂි රසායන තෙල් සමග බද්ධ වෙන දෙයක්. තෙල් මිල ඉහළ යන විට කෘෂි රසායනවලත් මිල ඉහළ යනවා.
රසායනික පොහොර අපේ රටේ නිෂ්පාදනය කළා නම් එයට විරුද්ධ වෙන්න බැහැ. ඒත් අපි කෘෂි රසායන විදේශ රටවල්වලින් ගෙන්වා ගෙන මේ සරු පොළොව විනාශ නොකිරීමේ පළමු පියවර තමයි මේ කාබනික පොහොර නිපදවීමට දිරිගැන්වීම. මම පොළොන්නරුව, අම්පාර, අනුරාධපුර, මඩකළපුව යන දිස්ත්‍රික්කවලට ගිහින් පර්යේෂණ කිහිපයක් සිදු කළා. ඒ පළාත්වල ගැමි තරුණයන් දේශීය පොහොර නිෂ්පාදනයට නැඹුරු වෙලා ඉන්නවා.
රසායනික පොහොර මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කලා කියලා මම දැනගත්තෙත් කෘෂිකර්ම ඇමැතිතුමා කීවට පස්සෙයි. කොවිඩ් අර්බුදය නිසා ලෝකයේ රසායන පොහොර නිෂ්පාදනය සියයට 50කින් විතර පහත වැටිලා.”