සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යංශ වගකීම ඉටු කළේ නෑ..! කාබනික වැඩේ අසාර්ථක වුණේ ඒකයි…! – මහින්දානන්ද…

October 28, 2021 at 10:41 pm | by emanisa.lk

කාබනික පොහොර වැඩපිළිවෙළ නිසි ලෙස ප්‍රවර්ධනය කර ගැනීමට නො හැකිවීම සිදුවූ විශාලම වරදක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශ දෙක මෙම වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා නොකළ බවට ද ඔහු චෝදනා කළේය.

“අපි පිළිගන්න ඕනේ ආණ්ඩුවක් විදිහට මේක මාකට් කරගන්න බැරිවුණ බව. අපිට ජනාධිපතිතුමා ගත්තු තීන්දුව පිළිබඳව වැඩියෙන්ම කතා කරන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය.

සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි එන්න ඕනේ එළියට බැහැලා. මේක ගැන කියන්න ඕනේ. මේකේ ප්‍රතිලාභ හම්බවෙන්නේ කාටද? හැබැයි ඒ සෞඛ්‍ය අමාත්‍යංශය මේ පිළිබඳ එක දවසක් කතා කළා ද?

ඊළඟට පරිසර අමාත්‍යාංශය පරිසරයට මේකෙන් වන හානිය මේ පිළිබඳව පරිසර අමාත්‍යාංශය කතා කළා ද? ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට මම ඒක එදත් කිව්වා මේක මාකට් කරගන්න බැරිවුණා. මේ මාකට් කරගන්න බැරිවෙච්ච එක තමයි අපි අතින් වෙච්ච ලොකුම වැරැද්ද”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *