සෞඛ්‍ය නිලධාරීන්ට විතර ද විශේෂ දීමනා…! මරුවා එක්ක රාජකාරී කරන අපටත් ඕන…! – රාජ්‍ය සේවය ම කොවිඩ් මර්දන දීමන ඉල්ලයි…

June 18, 2021 at 11:00 pm | by emanisa.lk

කොවිඩ් මර්දන රාජකාරියේ නියුතු රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභී පුහුණු උපාධිධාරීන් ඇතුළු සියලු ම රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක් ලබා දෙන සංවර්ධන නිලධාරී සේවා සංගමය මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි.

ජීවිත අවදානම නොතකා රාජකාරිවල නිතරව සිටින රාජ්‍ය සේවකයන් සඳහා දීමනාවක් ලබාදීමට අමාත්‍ය නාමල් රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවේ දී යෝජනාවක් ඉදිරිපත් වූ බවත් එසේ වුවද එම දීමනාව ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී නොමැති බවත් සංවර්ධන නිලධාරී සේවා සංගමය අග්‍රාමාත්‍යවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.

කොවිඩ් මර්දන රාජකාරියේ නියුතු සෞඛ්‍ය සේවය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකට යම් යම් දීමනා ලබා දීමට අවධානය යොමු කර ඇතත් ඊට සමාන අවධානමකින් සේවය කරන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ද දීමනාවක් ලබාදීම රජයේ යුතුකමක් මෙන්ම වගකීමක් බවත් එම සංගමය වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස