සෞඛ්‍ය දෙවිවරු වසංගතයත් වවා ගෙන කති…! ඉස්පිරිතාලේ සැනිටයිසර් කෑන් එකෙනුත් කෝටි ගාණක් ගහල…!

December 11, 2021 at 10:31 pm | by emanisa.lk

වෛද්‍ය සැපයුම් අංශයෙන් කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය සැනිටයිසර් (දෑත් පිරිසිදුකාරක) මිල දී ගැනීමේ දී දැවැන්ත මූල්‍ය වංචාවක් සිදු කර ඇතැයි ලැබුණ පැමිණිල්ලක් අනුව අල්ලස් හෝ දූෂණ කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙලෙස විමර්ශනය කෙරෙන්නේ ටෙන්ඩර් පටිපාටියකින් තොරව හදිසි මිල දී ගැනීම් යටතේ සැනිටයිසර් බෝතල් ලක්ෂ 6ක් මිල දී ගැනීම සහ සැනිටයිසර් කෑන් ලක්ෂයක් වැඩි මිලට ගැනීම සම්බන්ධයෙනි. මෙම මිලදී ගැනීමේදී රජය අනුමත කළ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව ක්‍රියාකොට නැතැයි ඊට අදාළව ලද පැමිණිල්ලේ සඳහන්ය.

මෙම ගනුදෙනුවට අදාළව ලිඛිත සාක්ෂිද සහිතව ලැබී ඇති පැමිණිල්ලේ මූලික විමර්ශන දැනටමත් ආරම්භ කර තිබේ. මෙයට වගකිවයුතු සෞඛ්‍ය බලධරයන්ගෙන් සිද්ධිය ගැන ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇතැයිද අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස