සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හොඳට ම වැඩ…! නමුත් මාධ්‍ය ඉස්සරහා පිම්බෙන්නේ නෑ,…! – කැබිනට් හමුවේ දී හෙළිවෙයි…

August 21, 2021 at 1:17 pm | by emanisa.lk

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන එම ධූරයෙන් ඉවත් කරනු ඇති බවට විවිධ වාර්තා පළවිය.

ඔහුට අමාත්‍යංශ ලේකම් ධූරයක් ලබාදෙන බවට ද වාර්තා පළ විය. එහෙත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වෙනසක් මේ මොහොතේ සිදු නොකිරීමට තීරණය කර ඇති බව මේ වන විට දැනගන්නට තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන එම ධූරයේ සාර්ථකව කටයුතු කළ ද එම කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ලබාගන්නා ප්‍රචාරයන් ප්‍රමාණවත් නොවන බවට ඇතැම් අමාත්‍යවරුන් පවා කැබිනට් මණ්ඩලයේ දී ද අදහස් පළ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *