සෞඛ්‍ය අංශ පනවපු මැතිවරණ නීති ප්‍රායෝගික නෑ! අපෙන් ඇහුවා නම් කරන හැටි කියනවා! – කිරිඇල්ල

June 12, 2020 at 2:38 pm | by emanisa.lk

මහ මැතිවරණය පැවැත්වීම සඳහා හඳුන්වා දී ඇති නීති රීති හා කොන්දේසි කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව සමගි ජන බලවේගයයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මහනුවර දී ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ  කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක හඳුන්වා දී ඇති නීති රීති ප්‍රායෝගික නොවන බවය.

මැතිරණ ප්‍රචාරණ කටයුතු කිරීමට නම් නිදහසක් අවශ්‍ය බවද පැවසු කිරිඇල්ල, රැස්වීමකට පැමිණෙන පිරිස සම්බන්ධයෙන් ලැයිස්තු ඉල්ලා සිටින බවත් එවැන්නක් කිරීම කිසිවිටෙක ප්‍රායෝගික නොවන බවද පැවසීය.

මැතිවරණයක් කිසිදා නොකරන ලද අය විසින් මෙවැනි නීති සකස් කර ඇතැයි ද පැවසු හෙතෙම, නීති සකස් කිරීමට පෙර දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට තිබු බවත් කියා සිටියේය.

එවැනි අදහස් විමසීමක් සිදු කළේ නම් නීති රීති සම්පාදනය කිරීම ගැන අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව තිබු බවත් ලක්ෂ්මන් කිරිඇල්ල වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස