සෞඛ්‍යට මසකට සති දෙකක් වැටුප් සහිත නිවාඩු..! සේවකයින්ට සති අන්ත අතිකාලත් ඉල්ලයි..!

July 8, 2022 at 9:58 am | by emanisa.lk

ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහල්වල සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොටස් දෙකක් යටතේ සති දෙකකට වරක් සේවයට කැඳවන්නැයි සෞඛ්‍ය ලේකම්වරයා විශේෂ චක්‍රලේඛයකින් සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට හා පළාත් අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත.

මේ අනුව රෝහලක සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොටස් දෙකකට බෙදා එක් කණ්ඩායමක් සති දෙකකට වරක් සේවයේ යොදවන්නැයි දන්වා ඇත.

වැටුප් සහිතව සති දෙකක් නිවාඩු ලැබුණ ද රෝහල්වල සෞඛ්‍ය සේවකයන් ඉරිදා සහ සෙනසුරාදා දිනයන්හි අතිකාල සහිතව රාජකාරී කිරීමට අවස්ථාව සලසන මෙන් ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇති බැවින් මෙය ඉටුකළ නොහැකි ඉතා අසාධාරණ ඉල්ලීමක් බව අප කළ විමසුමකදී කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මීට අමතරව ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ දීර්ඝකාලීනව විවිධ රෝගයන්ගෙන් පෙළෙන සෞඛ්‍ය සේවකයන්ට තමන් පදිංචි ප්‍රදේශයේ තමන්ට ආසන්නතම රෝහලක් වෙත සේවයට වාර්තා කිරීමේ හැකියාවද මේ වන විට ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛය මගින් අවසර ලබාදී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *