සෝලා මිල අඩු කළේ ජනතාවට අඩුවට විදුලිය දෙන්න….! – විදුලි බල ඇමති…

May 9, 2025 at 10:32 am | by emanisa.lk

විදුලි බිල ඉහළ දැමීමට ආණ්ඩුව හෝ විදුලිබල මණ්ඩලය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි බලශක්ති ඇමැති කුමාර ජයකොඩි පවසයි.

“අපිටත් අවශ්‍ය ගෙවල්වලට වගේම කර්මාන්ත සඳහා අවම මිලට විදුලිය ලබාදෙන්න. ඒක තමා අපේ ප්‍රමුඛ අරමුණ. සමහර වෙලාවට ඔබතුමන්ලාම අනිත් පැත්තට කෑ ගහනවා. එක පැත්තකින් කියනවා, අඩු කරනවා කියනවා. විදුලිය මිලට ගන්න මිලත් අඩුකරලා තමා ජනතාවට දෙන්නේ. අනිවාර්යෙන්ම අඩු කිරීමේ හෝ වැඩි නොකර සිටීමේ අරමුණින් තමා අපි වැඩ කරන්නේ. මොකද මේ තත්ත්වය තුළ අපි කටයුතු කරන්නේ. අපි 37ට 27ට සෝලා අරන් තමයි හයට හතට දෙන්නේ කර්මාන්ත ශාලාවලට මේ මොහොතෙත්.

අපි කොහේවත් අයි එම් එෆ් කිව්වා කියලා වැඩිකරලා නෑ. එහෙම තීරණයක් අරගෙනත් නෑ. විදුලිබල මණ්ඩලය ඒ සම්බන්ධ ගණනයන් තාම භාරදීලත් නෑ. මේ මාසේ අග ලබන මාසේ මුල වෙද්දි තමා මහජන උපයෝගීතා කොමිසමෙන් ගන්නේ. තාම තීරණය කරලා නෑ ආණ්ඩුවවත්, විදුලිබල මණ්ඩලයවත්. අපි සුබවාදීව හිතනවා වැඩිකිරීමට නොයා ඉන්න. නමුත් අනිත් පැත්තෙන් ගොඩක් දේවල් තියෙනවා. ණය තියෙනවා. ණය ගෙවීමේ යම් පංගුවක් විදුලි බිලට එකතු වෙන්න තියෙනවා. ලබන මාසේ මුල වෙද්දි අපිට කියන්න පුළුවන්.”

පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *