සෝභිත හිමි දෙසන්නේ පච…! ලෝකේ කොහේවත් රු. 80ට ඇන්ටිජන් කට්ටල නෑ…! – කුමුදේශ්…

August 25, 2021 at 2:52 pm | by emanisa.lk

ක්ෂණික දේහ ජනක පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රුපියල් අසූවකට ලබාගත හැකි යැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කළ ප්‍රකාශය අසත්‍යක් බව රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

එහි සභාපති රවි කුමුදේශ් සඳහන් කරන්නේ ලොව පුරා දැනට මෙම නිෂ්පාදන වර්ග දෙසීයක් පමණ ඇති බවත් ඒවා ඩොලර් දෙකේ සිට දහය දක්වා පරාසයක පවතින බවත්ය.

මෙරටට ගෙන්වන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කර ඇති ඒවා බව ද පැවසූ ඔහු ඒ සඳහා මෙරට උපරිම මිල රුපියල් 1146 ලෙස මිල නියම කර ඇති බව ද කියා සිටියේය.

ලොව කිසිදු රටකින් රුපියල් 80කට එම පරීක්ෂණ කට්ටල මිල දී ගත නොහැකි බව ද ඔහු තවදුරටත් කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *