සොර මුලට වැටුණු කුරුල්ලට වුණ දේ තමා එජාප පොදු අපේක්ෂකයා වෙච්චි මටත් වුණේ! – ජනපති

February 9, 2019 at 5:59 pm | by admin

පසුගිය දිනක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මුණ ගැසුණු අවස්ථාවක තමා කළ මෝඩ වැඩේ ඔබතුමා කරන්න එපා යැයි පැවසූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරණය පවත්වන්නේ නියමිත කලට බවත් තමාට මිස කිසිවකුට ජනාධිපතිවරණ කැඳවිය නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ සමුළුවට අද සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය. “බෝධි සත්තවයන් වහන්සේ එක් එක් ආත්මවල පෙරුම් පුරන සුළි සුළඟක් ඇවිල්ලා, කුරුල්ලෝ දෙපැත්තකට ගසා ගෙන ගියා. ඒ ගසා ගෙන ගිය කුරුල්ලෝ එක කොටසක් වැටුණා තාපසාරාමයකට. හොර මුලක් ඉන්න තැනකට අනිත් කුරුල්ලා වැටුණා. සොර මුලට වැටුණු කුරුල්ලාට වුණ දේ තමා මටත් වුණේ. හැබැයි මම හොරකම් කළේ නෑ. හොරකම් කරන්නෙත් නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *