පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ සේවිකාවට පහර දුන් එම කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවා මේ වෙනුවට වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සඅද (25) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
මේ වන විටත් අදාළ ඉංජිනේරුවරයාගේ වැඩ ද තහනම් කර තිබෙන බව ඇමති ලන්සා වැඩිදුරටත් සඳහන් කළේ ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අදාළ ඉංජිනේරුවාට උපරිම දඬුවම් ලබාදිය යුතු බවත් පක්ෂ භේදයෙන් තොරව කාන්තාවන්ට සිය රාජකාරි ස්ථානයේ දී සිදුවන හිංසනයට එරෙහිව නීති රීති සකස් කළ යුතු බවත් සභාවට යෝජනා කළේ ය.
මේ අතර අදාළ ඉංජිනේරුවා සිය බල ප්‍රදේශයේ සේවය කළ ද ඔහු තමාගේ හිතවතෙකු හෝ ආධාරකරුවෙකු නොවන බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවයාට තමා දැනුම් දුන් බවත් ඇමැති ප්‍රසන්න රණතුංග සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.