සේරුවිල ඛණිජ නිධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අතිශයෝක්තියෙන් බව පරිසර අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
මේ පිළිබඳ පරිසර ඇමැතිවරයා හෝ තමා හෝ පරිසර අමාත්‍යංශය හෝ ප්‍රකාශයක් සිදුකර නොමැති බව ඔහු පෙන්වා දෙයි.
සාමාන්‍ය ජනතාව පමණක් නොව මෙම විද්‍යාවන් හදාරා ඇති අය පවා මෙම කරුණු අතිශයෝක්තියට නැඟීම කනගාටුදායක බව පරිසර අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරයි.
මෙවැනි කරුණු කෙරෙහි ජනතාව දැනුම්වත් කිරීමේ හැකියාව ඇත්තේ පරිසර අමාත්‍යංශයට බවත් එහෙයින් පරිසර අමාත්‍යංශය නිකුත් කරන තොරතුරු කෙරෙහි අවදානය යොමු කරන ලෙසත් ජාසිංහ මාධ්‍යයෙන් ඉල්ලා සිටියේ ය.
අද (12) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේ ය.
151 total views, 2 views today