සේනාධිපතිගෙන් කප්පම් ගත් ව්‍යාපාරිකයා බියවෙයි! කෝටි පහම ආපසු දෙයි! සෙස්සො පෝළිමේ..!

February 25, 2020 at 5:09 pm | by emanisa.lk

ඇවන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් මුදල් ලබා ගත් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු විසින් එම කප්පම් මුදල ආපසු ලබාදී ඇති බව වාර්තා වෙයි.

එසේ ලබාදී ඇති මුදල රුපියල් කෝටි පහකි.

පසුගිය රජය සමයේ තමන්ගෙන් කප්පම් ගන්නා ලද දේශපාලඥයන් ඇතුළු ඉහළ පෙළේ ඉහළ පෙළේ පුද්ගලයන් රැසක් සිටින බවද සේනාධිපති මෑතකදී සදහන් කළේය.

එසේ ලබා ගත් කප්පම් මුදල් ආපසු ලබා නොදුන්නොත් ඒ බව සාක්ෂි සහිතව ප්‍රසිද්ධ කරන බව සේනාධිපති ප්‍රකාශ කළේය

එමෙන්ම එවකට ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් ද සේනාධිපතිගෙන් ලබා ගත් කෝටි ගණනාවක කප්පම් මුදලකින් කොටසක් ගෙනත් දී ඇති අතර ඉතිරි කොටසේ හිලවුවට ඉඩමක් ලබා දීමට සූදානම් වී ඇති නමුත් සේනාධිපති සඳහන් කර ඇත්තේ තමන්ට ඉඩම් අනවශ්‍ය බවක් ලබාගත් මුදල ආපසු ගෙනැවිත් දෙන ලෙසත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස