සෙවනගල මෙහෙයුම සාර්ථකයි! ඉහටත් උඩින් ලාභ ලබයි! සේවකයන්ට රු. 75000 බැගින් බෝනසුත් ගෙවයි!

April 3, 2020 at 11:46 am | by emanisa.lk

සෙවණගල සීනි සමාගමේ 2020 පළමු උක් වාරයේ අස්වැන්න අපේක්ෂිත ඉලක්කය ඉක්මවා ගොස් තිබේ. මේ වන විට නිෂ්පාදනය කර ඇති සීනි ප්‍රමාණය මෙට්‍රික්ටොන් 16,000කි.

ප්‍රථම උක් ඇඹරුම් වාරය අවසානයේ එක් සේවකයෙකුට රුපියල් 75,000 බැගින් බෝනස් මුදලක් ලබාදීමට ද සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ලංකා සීනි සමාගම, සීනි නිෂ්පාදානයේ අතුරුපලයක් වන එතනෝල් උපයෝගී කරගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාත්‍රාවන්ට අනුකුළව විෂබීජ නාශකයක් පසුගිය දිනක එළිදක්වන ලදී.

මෙම විෂබීජ නාශකය ඉදිරියේදී මහජනතාවගේ පරිභෝජනය සඳහාද ලබාදීමටද කටයුතු සකස් කරමින් පවතී.

වසර 15-20කට වැඩිකලක් සේවය කළත් ස්ථිර පත්වීමක් නොලද සේවකයින් 2000කගේ රැකියා ස්ථිර කරමින්, උක් ගොවියන් සඳහා උක් ටොන් එකකට වසර ගණනාවකට පසු 10%ක වැඩි මිලක් ලබාදෙමින්, දහස් ගණනක් වූ සේවකයින්ට ජීවන වියදම් දීමනාව ලබාදෙමින් තම රට වෙනුවෙන් කරගෙනයන්නාවූ මෙහෙයට අපගේ උත්තමාචාර්ය!

Uditha Dissanayake

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස