සෙලෙන්දිවා යනු රටේ ජාතික සම්පත් විකිණීමට ගොඩනැඟූ හොර පාරක් බව ජ.වි.පෙ. නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
මුදල් ඇමැතිවරයාගේ යෝජනාවක් අනුව සෙලෙන්දිවා ආයතනයට රටේ පෞරාණික වශයෙන් වටිනා සම්පත් වන මහ තැපැල් කාර්යාලය, විදේශ අමාත්‍යාංශ ගොඩනැඟිල්ල, ගෆූර් ගොඩනැඟිල්ල, යෝර්ක් ගොඩනැඟිල්ල, ඇතුළු වටිනා සම්පත් හා වාණිජමය වශයෙන් වටිනා හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය ඇතුළු මෙරට ආයතන 13ක් සෙලෙන්දිවා ආයතනයට විකිණීමට යන බව ඔහු පෙන්වා දෙයි.
මෙය කිසිදු පාර්ලිමේන්තු පනතකින් සම්මත නොකොට කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් පමණක් හරහා රටේ පෞරාණික හා වාණිජ සම්පත් විකිණීම සඳහා සෙලෙන්දිවා ආයතනයට පැවැරීම තුළ නීතිමය ගැටලු රැසක් මතුවන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
එම නිසා මෙය පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට පිටින් ජාතික සම්පත් විකිණීමට අට වන හොර පාරක් බවත් මෙවැනි උත්සාහයන් කෙසේ හෝ පරාජයට පත් කිරීම අනිවාර්ය බවත් පැවැසූ අනුර දිසානායක ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේ මෙසේ ඉතිරිව තිබෙන සම්පත් ප්‍රමාණයත් විදේශයට විකිණීම මඟින් රටක අනාගත පරම්පරාවට ඉතිරි වන්නේ මොනවාද යන්නය.