සෙල්ලම් පිස්තෝල එරාජ් නැවතත් කරළියට…! මහ රෑ ගෙට පැන නිවැසියන්ට පහර දී ගෙය පැහැර ගෙන යයි…!

November 12, 2021 at 10:16 am | by emanisa.lk

එලෙස පහරදුන් මැර කණ්ඩායම තමන් පදිංචිව සිටි වායු සමීකරණය කළ කන්ටේනර් නිවෙස, මුදල්, රන් භාණ්ඩ ඇතුළු දේපළ ද සමගින් කොල්ල කෑ බවට එම ඉඩමේ හිමිකරු වන තුවාන් සලීම් නමැති නව දරු පියකු ඊයේ (11 වැනිදා) මෙම පැමිණිල්ල සිදුකර තිබුණි.

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ ගෝලයන් යැයි කියන කණ්ඩායමක් ඊයේ (11 වැනිදා) අලුයම 2 ට පමණ මෙම ඉඩමට අනවසරෙන් ඇතුළු වී ඇති අතර ඔවුන් එම ඉඩමේ තිබූ ආරක්ෂිත කැමරා ද කඩා දමමින් කන්ටේනර් නිවසේ වීදුරු කඩා නිවෙසට ඇතුළු වී තිබිණි. එහිදී තමාට සහ තම දරුවන්ට පහරදුන් බවත් සියලු දෙනාගේ ජංගම දුරකතන ද උදුරා ගත් බවත් ගිනි අවිවලට අමතරව මොවුන් ළඟ යකඩ පොලු හා මිටි ද තිබූ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

රුපියල් කෝටි තිහක් පමණ වටිනා මෙම ඉඩමේ අයිතිය වසර අසූවක පරම්පාරාවෙන් තමාට උරුම වූවක් බව පැමිණිලිකරු කියයි. මෙම නිවෙස අයිතිකරගැනීම සඳහා තවත් පුද්ගලයකු විවිධ දේශපාලන හා පොලිස් හිතවත්කම් මැද උත්සාහ දරමින් මීට පෙරද තමාට හා දරුවන්ට තර්ජනය කළ බවත් ඒ සම්බන්ධයෙන් පසුගිය 27 වැනිදා කොල්ලුපිටිය පොලිසිය වෙත පැමිණිලි කළත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් පැමිණිලිකරු චෝදනා කර සිටී. මෙම සිද්ධියට අදාළව කොල්ලුපිටිය පොලිසිය හම්බන්තොට නගරාධිපතිවරයාගේ ආරක්ෂක ආයතනයේ ආරක්ෂකයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස් සොයා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

එරාජ් ප්‍රනාන්දු පසුගිය සැප්තැම්බර් මාසයේදී ද මේ ආකාරයෙන් බම්බලපිටිය කොතලාවල ඇවනියු හි පිහිටි ඉඩමකට අනවසරෙන් ඇතුළු වී එහි ආරක්ෂකයන්ට පහරදී තිබුණි. එමෙන්ම මීට පෙර හම්බන්තොට වරාය නැරඹීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසකට ගල්වලින් පහරදී සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර තිබුණේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *