සෙට්ටිකුලම රක්ෂිතයේ අක්කර 36ක බැකෝ යන්ත්‍ර යොදා වනසයි….!

June 18, 2021 at 6:06 pm | by emanisa.lk

වව්නියාව සෙට්ටිකුලම් මුසල්කුට්ටි රක්ෂිතයේ ඉතා රහසිගතිව පස්කපන යන්ත්‍ර යොදා ගනිමින් මහ පරිමාණයෙන් එළිපෙහෙලි කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බවට සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.

සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් මුසල්කුට්ටි රක්ෂිතයේ සිදුකරන ලද වැටලීමකදී රක්ෂිතය එලිපෙහෙලි කරමින් සිටි සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ලැබීය.

ඒ වන විටත් අදාල සැකකරුවන් මුසල්කුට්ටි රක්ෂිතයේ අක්කර 36ක පමණ භූමියක් සම්පූරණයෙන්ම එලිපෙහෙලි කොට තිබූ බවට සහ රක්ෂිතය එලි පෙහෙලි කිරීම සඳහා යොදාගත් කැටපිලර් යන්ත්‍ර 04 ක්ද අත්අඩංගුවට ගත් බවට පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා අවුරුදු 28 – 40 ත් අතර පසුවන පුදුකුඩිඉරිප්පු, ඔඩ්ඩුසුඩාන්, මරදන්කඩවල සහ මලුතිව් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා සෙට්ටිකුලම් පොලිස් ස්ථානයට බාරදීමට පියවර ගත් බවට ද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස