සූර් වී රිය පදවා අනතුරක් කළ දිමුත්ට ඇප ලැබෙද්දී ජනතාවට අඩුවක්ව පැවති රු. 25 000 දඩයත් ලැබෙයි!

April 2, 2019 at 5:50 pm | by admin

රථ වාහන වැරදි පහක අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් කර ඇත.

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළත් කිරීම, වලංගු අක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය එම රථ වාහන වැරදි වේ. මීට අමතරව වමෙන් ඉස්සර කිරීමේ දඩය ද වැඩි කර ඇත.

නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමටත් මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කරීමටත් අපේක්ෂා කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

පසුගියදා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක බීමතින් රිය පදවා අනතුරක් සිදු කළ ඔහුට වහා පොලිස් ඇප ලැබීම මහත් ආන්දෝලනයක් ඇති කර ඇති පසුබිමක මෙම දඩ ගැසට් කිරීම  ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *