සුසිල් ඉවත් කළ හේතුව මගෙන් අහල වැඩක් නෑ..! – මහින්ද….

January 14, 2022 at 5:23 pm | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සිය ධූරයෙන් නෙරපීම පිළිබඳ තමාගෙන් අසා පලක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

විධායක ජනාධිපතිවරයාට ඕනෑ ම ඇමැතිවරයෙකු ධූරයෙන් නෙරපීමේ හැකියාව ව්‍යවස්ථාව මගින් ලබා දී ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

තමා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ මංගල සමරවීර, ශ්‍රීපති සූරිආරච්චි සහ අනුර බණ්ඩාරනායක ඇමැති ධූරවලින් නෙරපූ අවස්ථාවේ එවක අගමැති දිමු ජයරත්නගෙන් කිසිවෙකු එම තීන්දුව සඳහා එකඟ දැයි නොවිමසූ බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.

2005 වසරේ තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේ සන්ධාන මහ ලේකම්වරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත ලබා දුන් සහාය ස්තූති පූර්වකව සිහිපත් කරන බව ද අගමැති මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් සඳහන් කළේ සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *