සුවය ලද කොරෝනා ආසාදිතයන් 2000 පනී! රෝහල්වල තවත් 653ක් පමණයි!

July 16, 2020 at 9:28 am | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලබා මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන ඊයේ දෙදහසේ සීමාව ඉක්මවා ගියේය.

ඒ, එම වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමගය. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්වලින් ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 2,001 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,665 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ 653 දෙනෙකු පමණි.

ශී‍්‍ර ලංකාව ලෝකයේ අඩුම කොරෝනා මරණ අනුපාතිකයන් වාර්තා වන රටවල් 03 අතරට අයත්ව තිබෙන බවත් එමගින් මෙරට කොරෝනා මර්දන වැඩපිළිවෙලේ සාර්ථකත්වය පෙන්නුම් කෙරෙන බවත් පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පෙන්වා දුන්නේය.

මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කොරෝනා රෝගීන්ගේ පොකුර සම්බන්ධයෙන් ඇතැම් පිරිස් අසත්‍ය ප‍්‍රචාර සිදු කරන බවටද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.

කන්දකාඩු පොකුරට අදාළව වෙනත් ප‍්‍රදේශවලින් වාර්තා වී ඇත්තේ කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු පමණක් බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ එම මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස