සුරාසැල් විවෘත කරන්න කොවිඩ් මර්දන බලකාය තීන්දු කළේ නෑ…!

September 19, 2021 at 7:15 am | by emanisa.lk

ඇඳිරි නීතිය දීර්ඝ කිරීමත් සමඟ මත්පැන් හල් විවෘත කිරීමට කිසිදු තීරණයක් කොරෝනා මර්දන ය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ දී නොගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.

එවන් තත්ත්වයකදී සුරාසැල් විවෘත කිරීමේ තීරණය ගත්තේ කවුදැයි තම සංගමයට ද විශාල ගැටළුවක් යයිද සංගමයේ මද්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින් ද හේරත් පැවසීය.

මේ අතර මෙම කාරණාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ අනෙකුත් වෙළඳ සැල් වසා තිබියදී මත්පැන් හල් පමණක් විවෘත කිරීමේ කිසිදු පදනමක් නැති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට මත්පැන් හල් විවෘත කිරීමේ හෝ වැසීමේ හැකියාවක් නැති බවද ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *