සුමන්දිරන් අනාථයි! ඇඳිරි නීතිය නිත්‍යානුකූලයි! – නීතිපති

April 30, 2020 at 10:04 pm | by emanisa.lk

කොරෝනා වසංගතය වෙනුවෙන් පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ වලංගුභාවය නීතිපතිවරයා සනාථ කර තිබේ.

ඒ ඇඳිරි නීතියෙහි නිත්‍යානුකූලභාවය පිළිබඳ වැඩ බලන පොලිස්පතිවරයා නීතිපතිවරයාගෙන් කළ විමසීමක දීය.

පසුගියදා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ බවට අත්අඩංගුවට ගත් රංජන් රාමානායකට ඇප ලබා දුන්නේ ඇඳිරි නීතිය නිත්‍යානුකූල නොවන බව අධිකරණය පිළිගත් නිසා යැයි ඔහුගේ නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළේය.

කෙසේ වුවද අධිකරණය ද පසුව ප්‍රකාශ කළේ රංජන්ට ඇප ලබා දුන්නේ ඇප කොන්දේසී අනුව මිස ඇඳිරි නීතියේ වලංගුභාවය විමසා නොවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස