සුමන්දිරන්ලා අගමැතිකමට යෝජනා කළ සජිත් පළා ගියා…! – රනිල්…

September 2, 2024 at 6:25 pm | by emanisa.lk

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ 2022 වසරේ මැයි මස සිය ධූරයෙන් ඉල්ලා අස් වූ පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම තනතුරට පත්කරන ලෙස එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළ ද සජිත් පළා ගිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ගෝඨාභය ජනාධිපති ධූරය අතහැර ගිය අවස්ථාවේ එම ධූරය භාර නොගන්නා ලෙස සජිත් තමන්ට කීව ද එසේ නොකළේ නම් අද ලංකාව බංග්ලාදේශයක් වීම නොවැළැක්විය හැකි බව ද හෙතෙම අවධාරණය කරයි.

ජනාධිපති ධූරය භාර ගන්නා ලෙස සජිත්, අනුර මෙන් ම කතානායකවරයා ද ප්‍රතික්ෂේප කළ බවත් තමන් ජනාධිපති ධූරය භාර ගෙන පාර්ලිමේන්තුව බේර නොගත්තා නම් අද බංග්ලාදේශයේ මෙන් ලංකාවේ ද පාර්ලිමේන්තුවක් නොමැති බව ද රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

පසුගිය වසර දෙක ඇතුළත ගොඩනැඟූ ආර්ථික ස්ථාවරභාවය රුපියල ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යා යුතු අතර ඒ සඳහා රුපියල ශක්තිමත් කරමින් දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවිය යුතු බවත් එමගින් ජනතාවගේ ජීවන බර සැහැල්ලු කළ හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, දොම්පේ නගරයේ දී පුළුවන් ශ්‍රී ලංකා ජන රැලිය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *