සුමන්දිරන්ලාගේ සහාය එජාපයේ සජිත්ට! ඊළාම් යෝජනාවලිය ගැන මුනිවත රකී!

November 4, 2019 at 7:55 am | by emanisa.lk

දෙමළ ජාතික සන්ධාන‍යේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන මාවේයි සේනාධිරාජා නායකත්වය දරන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසයි.

ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ඊයේ (03) පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂ උපදේශක දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

දෙමළ ජාතික සන්ධානයේ සෙසු පක්ෂවල සහාය කාහටද යන්න පිළිබඳව ඉදිරියේදී තීරණය දැනුම්දෙන බවද සුමන්තිරන් පැවසීය. එම පක්ෂ ලබා දුන් උතුරු නැඟෙනහිර දෙමළ නිජබිම ලෙස පිළිගෙන ස්වයං පාලනය ලබා දීම ඇතුළු යෝජනා 13ට එකඟ වන අපේක්ෂකයාට සිය සහාය ලබා දෙන බව සඳහන් කළ ද මේ අවස්ථාවේ ඒ පිළිබඳ කිසිවක් සඳහන් නොකිරීම ද විශේෂත්වයකි.

කෙසේ වුවද 2018 පැවති පළාත් පාලන මැතිවරණයේ දී සමස්ත දෙමළ ජාතික සන්ධානය දිනාගත්තේ උතුරු නැඟෙනහිර ඡන්දවලින් 35%ක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස