සුමන්දිරන්ගේ රට අවුළන නීති තර්ක කුණු බක්කියට! ඇඳිරි නීතිය නිත්‍යානුකූල බවට අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්!

May 12, 2020 at 8:50 am | by emanisa.lk

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව පොලිසිය විසින් පනවන ලද නිරෝධායන ඇඳීරි නිතිය නීත්‍යානූකූල බවට අධිකරණය ඊයේ (11) නියෝග කළේය.

නිරෝධායන ඇඳිරි නිතිය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් සලකා බලා ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දුන් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවල නිරෝධායන ඇඳීරි නිතිය තව දුරටත් අඛණ්ඩව කි‍්‍රයාත්මක බවද මෙහිදී සිහිපත් කෙරිණි.

සෙසු දිස්ති‍්‍රක්කවලට රාතී‍්‍ර 08 සිට පසුදින අළුයම 05 දක්වා නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නිතිය කි‍්‍රයාත්මකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස