සුබෝධනී වාර්තාව ක්‍රියාත්මක කරනු…! නැත්නම් අරගලය නව මාවතකට…! – ස්ටාලින්….

July 31, 2021 at 6:00 pm | by emanisa.lk

එළඹෙන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකාවෙන් සිය ගැටලු සඳහා පිළිතුරු නොලැබුණහොත් අරගලය නව මාවතකින් ඉදිරියටම ගෙනයන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, අද (31) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ගුරු – විදුහල්පති සංගම් ආරම්භ කළ වර්ජනයට අදට දින 20ක් සම්පුර්ණ වේ.

සුබෝධනී වාර්තාව ක්‍රියාත්මක කර ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත්කිරීම අනිවාර්ය බව ස්ටාලින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *