සුපිරි ක්‍රීඩක මාලිංග ක‍්‍රිකට් පිටියෙන් සමුගන්න සූදානම්

March 23, 2019 at 3:56 pm | by admin

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන ගස් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනිම නිවේදනය කරයි.

දකුණු අප‍්‍රිකාව සමග ඊයේ පැවති 20-20 තරගයෙන් පසු මාධ්‍ය හමුවේ ඔහු කියා සිටියේ මීළඟට පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි.

20-20 ලෝක කුසලාන තරගාවලිය 2020 වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන අතර එම තරගාවලියෙන් පසු මාලිංග ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට නියමිතය.

මේ වනවිට මාලිංග 35 වන වියේ පසුවන අතර එක්දින තරග 218කදී කඩුලු 322ක් දවා ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස