සුදේව ස්වර්ණවාහිනියට සමුදෙයි…! ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරය භාරගනී…!

April 27, 2021 at 4:22 pm | by emanisa.lk

ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් ලිපිය භාරගත් සුදේව හෙට්ටිආරච්චි ඉදිරි සතියේ දී ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි හසල අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.

වසර 25කට අධික මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු, නිෂ්පාදකවරයෙකු වූ ඔහු ප්‍රමුඛ මාධ්‍ය ආයතන කිහිපයක සහකාර කළමනාකාරවරයෙකු, කළමනාකාරවරයෙකු, සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු, සාමාන්‍යාධිකාරීවරයෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ දක්ෂ පරිපාලන නිලධාරියෙකි.

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබීමට පෙර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published.