සුදු ළුණු වංචාවක් ගැන කියන අධ්‍යක්ෂ මම දැකලවත් නෑ…! මා වංචාවකට සම්බන්ධ යැයි ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා..! – බන්දුල…

September 22, 2021 at 9:30 pm | by emanisa.lk

සුදු ළුණු වංචාවක් පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළ පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ කුෂාන් ගුණවර්ධන තමා කිසිදා දැක නොමැති දුරකතනයෙන් හෝ කත නොකළ නාඳුනන පුද්ගලයකු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

සුදු ළුණු වංචාවක් සිදුව ඇතැයි සොයාගතහොත් ඒ පිළිබඳ පොලිස්පතිවරයාට පැමිණිලි කරන බවත් ඇමැතිවරයා අවධාරණය කළේ ය.

එවැනි වංචාවකට තමා හෝ තම කාර්ය මණ්ඩලය හෝ සම්බන්ධ යැයි ඔප්පු කළහොත් තමා ඇමැති ධූරයෙන් මන්ත්‍රී ධූරයෙන් පමණක් නොව දේශපාලනයෙන් ද සමු ගන්නා බව බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ ය.

අද (22) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ හෙක්ටර් අප්පුහාමි නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *