සුදුලූනු වංචාව..: තුෂාන්ට මරණ තර්ජන…! නිවස අසල සුදු වෑන්…! – පොලිසියට පැමිණිල්ලක්…

October 10, 2021 at 8:14 pm | by emanisa.lk

නාඳුනන පිරිසක් සුදු වෑන් රථයකින් පැමිණ තම නිවස අසල සැකකටයුතු හැසිරීම ජීවිතයට තර්ජනයක් නිසා කිරුළපන පොලිසියට පැමිණිල්ලක් කළ බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන පවසයි.

තම නිවසට පිටුපසින් වැටී ඇති මාර්ගයෙන් පසුගිය බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ එම සැකකටයුතු සුදු වෑන් රථය පැමිණ ඇතැයි ද ඔහු පැවසීය.

නිවසේ පිටුපස ගේට්ටුව ආසන්නයේ වාහනය නවත්වා එයින් බැසගත් පුද්ගලයකු ගේට්ටුවේ යොදා ඇති අංකය පරීක්ෂා කර බලා මේක තමයි ගේ යැයි පවසා ආපසු ගොස් ඇති බව ද අසල්වැසියකු එය දැක තමාට දැනුම් දුන් බව ද ඔහු පැවසීය.

තමන්ට ජීවිත තර්ජන ඇතැයි මීට මසකට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළත් මේ දක්වා තමන්ගෙන් ප‍්‍රකාශයක්වත් ලබාගෙන නැති බව ද තුෂාන් ගුණවර්ධන පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *