සුදර්මන් නැවතත් ITN පුවත් ප්‍රධානී තනතුරට පත්කරයි!

February 6, 2020 at 5:43 pm | by emanisa.lk

ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශ ප්‍රධානී ලෙස සුදර්මන් රදලියගොඩ නැවත පත්කර ඇතැයි වාර්තා වෙයි. අදාළ පත්වීම් ලිපිය බව කියන ලිපියක් සමාජමාධ්‍යවල පළ වී තිබේ.

ස්වාධීන රූපවාහිනයේ ස්ථිර සේවකයකු වූ සුදර්මන්ගේ රැකියාව අහිමි කළේ 2015 බලයට පත් වූ ආණ්ඩුව මගිනි.

එම ආණ්ඩුව පරාජයට පත් වූ පසු ඔහු නැවත සිය ධුරයෙහි පිහිට වුවද දින තුනක් ඇතුළත පත්වීම අහෝසි කරන ලද්දේ සමාජ මාධ්‍ය ඔස්සේ මතු වූ විවේචන නිසාය.

කෙසේ වුවද මේ වන විට එම චෝදනා පදනම් විරහිත බව සනාථ වී ඇති අතර ඔහු තමා නැවත තනතුරින් ඉවත් කිරීමට එරෙහිව කම්කරු උසාවියට යාම නිසා අදාළ තනතුර ලබා දීමට සිදුව අරත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස