සුදත් රෝහණ ගෙදර යවයි…! ITN නිරෝෂන්ට භාර දෙයි…! පත්වීම මුදල් අමාත්‍ය බැසිල් අතින්…!

January 3, 2022 at 7:56 pm | by emanisa.lk

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත්කරනු ලැබ ඇත.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ අතින් ඔහු අද (3) සිය පත්වීම් ලිපිය ලබාගත්තේය. එම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද එකතු විය.

එම පත්වීම අද (03) සිට ම ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇත.

නිරෝෂන් ප්‍රේමරත්න මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රීවරයකු වන අතර ස්වාධීන රූපවාහිනීයේ මාධ්‍යවේදියෙක් හා නිවේදකයෙක් ලෙස ද කලක් සේවය කළේය.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළේ ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන සුදත් රෝහණ ය.

කෙසේ වුව ද මැතිවරණයෙන් පරදින අපේක්ෂකයින් සඳහා රජයේ තනතුරු ලබා නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහා මැතිවරණයට පෙර ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *